Colombo Today Local News

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වීමට පාදක වූ හේතුව අද (07)දින පාර්ලිමේන්තුවේදී හෙළිවිය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ යුක්ක්‍රේන ගුවන්කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නිරෝධායනයට ලක්කර සිටි සීදූව ප්‍රදේශයේ හෝටලයක සේවකයින් සමග පැවැති සම්බන්ධතාවයකින් එය නිර්මාණය වූ බවය.

ඒ ඔස්සේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව ඇය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකළාය.

“මිනුවන්ගොඩ පොකුර වාර්තාවූ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්යමණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂාකරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් එම රෝගය වැළඳෙන්නට ඇති බවය. ඒ ඔස්සේ පරීක්ෂාකරන විට සීදුව හෝටලයක නවාතැන්ගත් යුක්ක්‍රේන ජාතික ගුවන්යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබූ බව සොයාගත් අතර පසුව එම හෝටලයේ කාර්යමණ්ඩලය පරීක්ෂා කිරීමේදී එහි සේවකයන් කිහිපදෙනෙකුට ද මෙම රෝගය ඇති බවට සොයාගන්නා ලදි. ඔවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලය සමග යම් සබඳතා පැවැති බවත් නිරීක්ෂණය විය,” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මෙවැනි හදිසි පොකුරක් නැවත රට තුළ පැනනැගීම හෝ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

“අවධානම් ජන කොට්ඨාසවලට ප්‍රමුඛතාව ලබාදෙමින් රටපුරා අහඹු PCR පරීක්ෂණ සිදුකිරීම, එම අධික අවදනමක් සහිත ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම. කොවිඩ් -19 රෝගය පැතිරීමේ අවදානම ඇති වෘත්තීය කාණ්ඩ, ආයතනවල කාර්ණමණ්ඩලයේ තෝරාගත් පෙර නිගමනය කරන ලද ප්‍රතිශතයකගේ සාම්පල PCR පරීක්ෂාව සඳහා යොමු කිරීම. විදේශවල සිට පැමිණෙන සියලුදෙනා PCR පරීක්ෂාව සඳහා යොමු කිරීම. රසායනාගාර ප්‍රමාණය වැඩි කිරීම. එක් එක් රසායනාගාරවල දිනකට සිදුකළ හැකි PCR පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම සඳහා සැලසුමක් සහිතව වැඩ කිරීම,” යනුවෙන් එහිදී ඇය පැවසුවාය.

මේ අතර බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

Related posts

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

Admin

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

colombotoday

“ලේලිය වෙදකමට.. රෝගීන් මරු කටට.. රාජිතලාගේ යහපාලනය මේකද?” (photos)

colombotoday

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් රටින් ගෙන්වීමට රජය තීරණය කරයි !

colombotoday