Colombo Today Local News

හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිගෙන් පහර කෑ අයෙක් රෝහල් ගත කරයි

හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු අද (7)දින හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.

පල්ලියට අයත් වැටක් ඉදි කරමින් සිටි යදී අවසර නොමැතිව වැට ඉදි කරන බවට තර්ජනය කරමින් තමාට පහර දුන් බව ඔහු පොලිසියට පවසා තිබේ.

මේ පිළිබඳව හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ බී කන්දසාමි කන්නා මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීවේය.

මා ඔහුට පහර දීමක් කළේ නැහැ. ඔහු මා සමග පෞද්ගලික අමනාපකමක් තිබෙනවා. ඔහු මුහුණට හමුවූ අවස්ථාවේ මට පහරදීමට පැමිණියා. මා තල්ලු කරද්දී ඔහු කානුවට වැටුනා යැයි ද සභාපතිවරයා පැවසීය.

Related posts

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

colombotoday

දේශබන්දුට එරෙහිව අලුත් කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂකයක්

colombotoday

මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළ හොරු බිඳලා

colombotoday

ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පති පූජිත් ජයසුන්දර

colombotoday

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

colombotoday

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday