Colombo Today Local News

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වැසේ

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07)දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ උපදෙස් මත එම තීරණය ගනු ලැබූ බවත් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් යාපා මහතා වැඩිදුරටත් කීය.

විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීමට පටන් ගැනීමත් සමග ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ, උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා ද පනවා තිබිණි.

Related posts

විජයකලා නිසා පාර්ලිමේන්තුව ගිනියම් වෙයි.. මහා ගාලගෝට්ටියක් මැද සභාව කල් දමයි

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday

රන්ජන් – ඉන්දික ගැටුමේ, මාධ්‍යයෙන් වාර්තා නොවූ හොදම හරිය මෙන්න

colombotoday

යහපාලනය ඇඟට දැනෙන්නේ නෑ.. ඡන්දෙ පැරදුණු අය ජ්‍යෙෂ්ඨ ඇමති.. මම රාජ්‍ය ඇමති.. මටත් ප්‍රශ්න

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin