Colombo Today Local News

ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්විය යුතුයි – මල්වතු පාර්ශ්වය

ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්විය යුතුබව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිත ඉඩම් කිසිඳු පාර්ශ්වයක් වෙත අනවසරයෙන් නතු කරගැනීමට ඉඩ ලබාදිය නොහැකි බවය.

“දෙවනගල ඓතිහාසික පුදබිම මල්වතු මහාවිහාරයට අයිති විහාරස්ථානයක්. ඒක සුරැකීම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් භාරගෙන, ඒ ස්ථානය ආරක්ෂා කරදීම එතුමන්ලාගේ වගකීමක්. දෙවනගල විහාරස්ථානයට අයිති ඉඩම් ඉතාම ඕනෑකමින් රැකගන්න රැකදෙන්න රජය මැදිහත් වෙන්න ඕනේ,” යනුවෙන් ද පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පෙන්වා දෙති.

Related posts

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

colombotoday

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

Admin

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin

මේ අමන තීන්දු ගන්නේ එජාපයට පක්ෂය උකස් කරන්නයි.. මේ ශ්‍රීලනිපයේ අදුරුම යුගයයි

colombotoday

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

colombotoday