ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සේවය කළ කපිල රත්නායක යන අයට විරුද්ධව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද 08 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ඇවන්ගාඩ් සමාගමෙන් මුදල්ගත් බව ප්‍රකාශ කරමින් අදාල පුද්ගලයින් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට උත්සාගන්නා බවත් එම නිසා ඒ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බව සදහන් ප්‍රකාශ කලේය.
කපිල රත්නායක නමැති අය ඇවන්ගාඩ් වාහන පාවිච්චි කරන්නට ඇති බවත්, තමන්ට ඇවන්ගාඩ් වාහන හිඟාකෑමේ අවශ්‍යතාවක් නොතිබුණු බවද ෆොන්සේකා මහතා පැවසීය.