Colombo Today Local News

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

හොරණ මූලික රෝහලේ කනිෂ්ට කාර්ය මණ්ඩල පුරප්පාඩු වහාම සම්පුර්ණ කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා අද (03)දින දහවල් හොරණ මූලික රෝහලේ සේවකයින් පිරිසක් එම රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටියහ.

අතුරු දීමනාව වහාම ගෙවීමල එකඟවූ නිදි විවේක දීමනාව වහා ලබා දීමල කොව්ඞ් වසංගත තත්වය යටතේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වලට අවශ්‍ය පහසුකම් ලබා දීම සහ සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ඉල්ලිම් රැසක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණී.

‘අතුරු දීමනා වහා ගෙවනු එකඟ වූ නිදි විවේක දීමනාව වහා ලබා දෙනු’ ‘කොරෝනා වලින් මැරුණොත් අපට වගකියන්නේ කවුද’ ‘අය වැයෙන්සෞඛ්‍යට වෙන් කළ ප්‍රතිපාදන වැඩි කරනු’ යන මැයෙන් සටහන් කරන ලද විරෝධතා පුවරු රැගෙන මෙලෙස විශාල පිරිසක් රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

මෙම විරෝධතාවයට උපස්ථායකවරු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ පරිපාලකවරු එක්ව සිටි අතර රෝහල් කටයුතු වලට බාධාවක් නොවන පරිදි ආහාර පැයේ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවෝ සාමකාමීව විසිර ගියහ. සමස්ත ලංකා සුව සේවා සංගමයේ හොරණ මූලික රෝහල් ශාඛාව මගින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

Related posts

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

Admin

ඉරිදා සහ පෝය දිනයන්හි දකුණු පළාතේ ටියුෂන් තහනම් – සභාවේ සියලු දෙනා ඒකමතිකව සම්මත කරති

colombotoday

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

සියලු ජාතික උද්‍යාන අද සිට විවෘතයි | මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් අවස්ථාව

colombotoday

ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්

colombotoday