Covid 19

බෝගම්බර ප්‍රධාන ජේලර්ට – රැඳවියන් 26කට කොරෝනා

බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ මෙම පිරිසට පී.සී.ආර් පරීක්ෂණ මගින් කෝවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බව බව තහවුරු වීමත් සමඟ ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අධිකාරීවරයා පවසයි.

රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීවේය.

මේ සම්බන්දව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසන්නේ මහනුවර පැරිණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි රැඳවියන් 182 නෙකුට පමණද නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවය.

මේ වන විට මධ්‍යම පළාතින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501 ක් බව පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසන අතර එය මහනුවරින් දිස්ත්‍රික්කයෙන් 303 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 146 ක් සහ මාතලෙ දිස්ත්‍රික්කයෙන් 52 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවැසිය.

අද (02) දිනය තුළ මහනුවරින් 09 ක් හා නුවරඑළියෙන් 08 ක් ලෙස නව ආසාදිතයින් වාර්තා වූවත් මාතලෙන් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසිය.

Related posts

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක නිලධාරියෙකු ඇතුළු 4කට කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 58ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

colombotoday