Colombo Today Local News

සිලාවතුරේදී නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් නාවික හාමුදා භාරයට.

නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ඊයේ(29)දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානය විසින් සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිඛේ.

එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී එම යාත්‍රාව තුළ තිබී නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ට්‍රැම‍ඩෝල්‍‍ හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධ පෙති(Tramadol Hydrochloride Tablets) 11750 ක්, දුම්වැටි එතීම සඳහා භාවිතා කරණු ලබන කොල අඩංගු පෙට්ටි 944 ක් (Cigarette Rolling Paper), ජංගම දුරකථන දෙකක් (02), ශ්‍රවණ උපාංගයක් (Wireless Head Set ) සමඟ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකරුවන් දෙදෙනා වයස 21ක් වන සිලාවතුර පුදේශයේ පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සහ කළ භාණ්ඩ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පරයානකුලම් පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත භාරදී ඇත.

Related posts

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවයි..

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

දුරකථන දත්ත වාර්තාව කොමිසමට : අර්ජුන්ගේ දුරකථනයේ ‘Ravi K’ සහ ‘Hon. PM’ ලෙස සටහනක්

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday