Colombo Today Local News

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර මරාදමලා

නිකවැරටිය, කොබෙයිගනේ පොලිස් වසමේ සිදුකළ වැටලීමක් අතර තුර ටිපර් රථයකින් පැමිණි අයෙක් පොලිස් නිලධාරියෙක්ව යටකර පළා ගොස් තිබේ.

නීති විරෝධි වැලි ගොඩදැමීමක් වැටලීමට ගිය අවස්ථාවේ දී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් ‍උත්සහ කිරීමේ දී එහි රියදුරු පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස යටකර තිබේ.

එහිදී කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්ත 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ රාත්‍රී 12ට පමණ එය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා,

“නිකවැරටිය පොලිස් වසමේ කොබෙයිගනේ පොලිස් වසමේ දී මේක වෙලා තියෙන්නේ ඊයේ රාත්‍රී 12ට පමණ. කොබෙයිගනේ පොලිස් වසමේ 5 දෙනෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නීතිවිරෝධි වැලි ගොඩදැමීමක් පිළිබඳ වැටලීමක් සඳහා සහභාගී වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කරලා තියෙනවා ටිපර් රථයක් වැලි සමග දැඳුරු ඔයේ සිට ගමන් කරන ආකාරය. පොලීසියට ලද තොරතුරක් මත තමයි මේ ස්ථානයේ වැටලීමට ගොස් තිබෙන්නේ. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් රථය නවත්වන්න කියලා සංඥා කරපු අවස්ථාවේ දී ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන් යටකර පළා ගොස් තිබෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් තිබෙනවා. මේ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා කවුද කියලා. මීට පෙරත් වැලි ජාවාරම සම්බන්ධයෙන් නඩු දාලා වරදකරුවෙක් වෙච්ච කෙනෙක්. ඒ වගේම ඒ ටිපර් රථයත් හඳුනාගෙන තියෙනවා.”

Related posts

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

අද සිට ක්‍රියාත්මක 2017 අයවැය යෝජනා මෙන්න

colombotoday

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

colombotoday

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

තාවකාලික රියදුරු බලපත්‍ර පරික්ෂා කරන්න පොලිසියට පරිගණක යෙදවුමක්

colombotoday