මෙරට පාසල් සිසුන් විසි දෙනෙකුට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇයවැය කාරක සභා විවාදයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට දිවයිනපුරා වයස අවුරුදු 09ට අඩු එච්.අයි.වී ආසාධිතයින් 71 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
දැනට පාසල් ළමුන් 20 දෙනෙකුට එච්.අයි.වී ආසාධනය වී ඇති බවත්, එය ආසාධනය වී ඇති ළමුන්ගෙන් විශේෂයෙන් වයස අවුරුදු 15ට ළමුන්ගෙන් බහුතරයකට එය ආසාධනය වී ඇත්තේ මවගෙන් බවත් ඇමතිවරයා සදහන් කළේය.
මෙය වැළැක්වීම සඳහා උසස් පෙළ සියලු සිසුන්ගේ රුධිර පරික්ෂාවක් කිරීම වැදගත් බවත්, එමඟින් එච්.අයී.වී ආසාධනය පමණක් වෙනත් රෝග ද හඳුනාගැනීමට හැකි වන බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.
එසේම සරසවියට ඇතුළුවන සියලු සිසුන් ද රුධිර පරික්ෂාවකට ලක්කිරීමෙන් එම ආසාධනයට ඔවුන් ගොදුරු වී ඇතිදැයි අනාවරණය කර ගත හැකි බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය