කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 17,000 ඉක්මවා ගිය අතර මේ වනවිට එම පොකුරෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,265කි.