Colombo Today Local News

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනයට පියවර

අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව සියලු බස්රථ ධාවනය කරන ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය සිය සේවකයින්ට දැනුම් දී ඇති බව සඳහන් වේ.

මේ අතර, කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ සති අන්තයේ සියලු මගී දුම්රිය ප්‍රවාහන කටයුතු නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහෙත් ජනතාවගේ පහසුව උදෙසා බස්රථ ධාවනය කරවීමට අවශ්‍ය පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර ඇත.

මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මඟින් ක්‍රියාත්මක කෙරෙන දුරගමන් සේවා ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

එහෙත් හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

එවැනි ක්‍රියාවක නිරත වීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය දැනුම්දෙයි.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව ගැන නිහඩව සිටීමත් දේශයට ද්‍රෝහීවීමක් – සරත් වීරසේකර

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin

“රනිල් එපා.. එජාපයට නව නායකයෙක් ඕන” – දිස්ත්‍රික්ක 25ක එජාප ක්‍රියාකාරීහු එක්ව ඉල්ලති

colombotoday