Colombo Today Local NewsHot News

ජුබිලි කනුව හන්දියේ තිබූ ජුබිලි කනුව අතුරුදන් | 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරලා.

නුගේගොඩ මිරිහාන ජුබිලි කනුව හන්දියේ තිබූ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර ඇති “ජුබිලි කනුව” ස්ථානගත කර තිබූ ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. එම ස්ථානයේ මාර්ග සංවර්ධන කටයුතු සිදුවන ආකාරයක් දක්නට ලැබෙන අතර ස්මාරකය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප දුරකථනය ඔස්සේ කරුණු විමසීමට උත්සහ කලත් එය සාර්ථක වුවේ නැත.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ මිරිහාන දකුණු ග්‍රාම නිලධාරී වසමේ මිරිහාන ජුබිලි කනුව හන්දියේ පැරණි “ජුබිලි කනුව” ස්ථාපිත කර තිබුණු අතර 2005 ජුලි 8 වන දින නිකුත්කර ඇති ගැසට් පත්‍රයක් මගින් මෙය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇත.

රන් ජුබිලිය නිමිත්තෙන් 1887 වසරේදී වික්ටෝරියා රැජින ශ්‍රී ලංකාවට පැමිණීම සිහිපත් කිරීම සඳහා සෙන්ට් මීටර 120ක උසින් යුත් ජුබිලි කනුව ඉදිකර ඇති බව පැවසේ.

ජුබිලි කනුව අද දිස්වෙන අයුරු

පෙර තිබූ ජුබිලි කනුව

2005 ජූලි 8 අංක 1401 දරන ගැසට් පත්‍රය

Related posts

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday