World

බංග්ලාදේශයේ හින්දු ආගමික උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්

බංග්ලාදේශයේ උතුරු ප්‍රදේශයේ දිනාන්ජ්පූර් දිස්ත්‍රික්කයේ පැවති හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයකට 05 වනදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රදේශයේ මාසයක් පුරා පැවැත්වෙන හින්දු ආගමික උත්සවයකට සමගාමීව මෙම ප්‍රහාරය එල්ල වී ඇත.ප්‍රහාරයෙන් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර ඇතමෙකුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බව වාර්තා වේ.

බංග්ලාදේශයේ හින්දු ආගමික උත්සවයකට ප්‍රහාරයක්

බංග්ලාදේශයේ බහුතරය ‍වන මුස්ලිම් ප්‍රජාවගෙන් සුළුතරය වන බෞද්ධ සහ හින්දු ප්‍රජාවට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ලවන අතර සුන්නි අන්තවාදීන් විසින් ෂියා මුස්ලිම් සුළුතරයට එරෙහිවද ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. මේ අතර ඉකුත් දිනක ඩකා අගනුවරදී විදේශීය කිතුණු පූජකවරයෙකුටද වෙඩි තබා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

2012 ඔක්තෝබර් මසදී රාමු දිස්ත්‍රික්කයේ සුළුතර බෞද්ධ ගම්මානවලට සමූහ වශයෙන් කඩා වැදුණු මුස්ලිම් පිරිස් විසින් එහි වැසියන් පළවාහැර ‍දේපළ ගිනිතබා තිබුණු අතර ඉපැරණි බෞද්ධ විහාර 6ක් පමණ මුළුමනින්ම ගිනිබත් කරන ලදි. ඉන් පසුවද සුළුතර බෞද්ධයන් ඉලක්ක කරගෙන වරින් වර ප්‍රහාර ගණනාවක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

සූවස් ඇළේ සිරවූ නෞකා නිසා ඇතිවුණු අලුත්ම අවදානම

colombotoday

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

ඇමරිකානු යුද කඳවුර ඉවත්කර ගනු.. අපේ රටින් යනු.. ජපන් වැසියෝ විරෝධයේ

colombotoday