Colombo Today Local News

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්න බව අධිකරණ ඇමැති අලි සබ්‍රි ඊයේ (3) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කර එම සිරුරු ආදාහනය නොකර භූමිදානය කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දැක්වූ අදහස්වලට මැදිහත්වෙමින් අලි සබ්‍රි මෙසේ පැවසීය.

කොවිඩ් කියන්නේ මුළු ලෝකයටම අභියෝගාත්මක රෝගයක්. භූමදානය සම්බන්ධව මුස්ලිම් ජනතාවගේ යම් ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. ඒත් ඒක දේශපාලනීකරණය කිරීම සුදුසු නෑ. ඔය කතා කළ වෛද්‍යවරු සමග තවත් විශිෂ්ට වෛද්‍යවරුන් රැසක් ගිහින් වෛද්‍ය කණ්ඩායමක් හමුවී මේ ගැන යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කළා මාස හයකට කලින්. විද්‍යාත්මකව ඔවුන්ට බියක් තිබුණා. මාස හයකින් යළි මෙය සලකා බලන බව අපිට කිව්වා. ඒ ගැන යළි අපි කටයුතු කරමින් ඉන්නවා.

Related posts

බදුර්දීන් රකින්න දූෂණ විරෝධී පෙරමුණත් සෙට් වෙයි.. විල්පත්තුව කැපුවේ දැව සංස්ථාවලු !

colombotoday

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

colombotoday

ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අගමැති වෙන්න හීන දකින නිදියන ඇමතිගේ මෝඩ තීරණයක් !

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියේ සී සෑමක්

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin