Colombo Today Local News

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුට තේරී පත් වූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසිය.

ඩයනා ගමගේ මහත්මිය ද්විත්වපුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට අමතරව බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ද ඇය විසින් භාවිතා කරන බවයි සඳහන් වන්නේ.

ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සුදානම් බවත් එම ප්‍රකාශකයා පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසුමකදී මැතිවරණ කොමිසන් සභාවේ උසස් නිළධාරියෙකු සඳහන් කලේ එවැනි ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කිරීමට නම් අධිකරණයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද යන්න පිළිබඳව අර්ථකථනයක් දිය යුතු බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව පැවති කාලයේදී ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසියම් අයෙකු අධිකරණය හමුවට යාමෙන් එම ගැටළුව විසදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළහ.

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මේ වනතුරු කිසිඳු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදු නොවූ බවයි.

එහෙත් ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ තමාට ද්විත්ව පුරවැසිභාවයක් නොමැති බවත් ඒ ගැන සනාථ කරන ලෙසට ඕනෑම අයෙකු අභියෝග කරන බවයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

colombotoday

වන පද්ධතිය ආරක්ෂා කරගන්න සෑම පියවරක්ම ගන්නවා – ඊයේ බදුර්දීන්ට ඇමතිකමක් දුන්න ජනපති අද පුරසාරම් දොඩවයි

colombotoday

සාමාන්‍ය පෙළ ඉල්ලුම් කරුවන්ට නිවේදනයක්

Admin

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday