Covid 19

කෝවිඩ් මරණ වර්ග දෙකක්

කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෘජු කෝවිඞ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන්කර දැක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

රෝහලක කොවිඞ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන කොරෝනා වෛරස් රෝගීන් සෘජුවම කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස ගණන් ගැනෙන බවත් සියදිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරික්ෂණ පවත්වද්දී සිදුකෙරෙන පීසීආර් පරික්ෂණවල දී කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන ඒවා වක්‍රව කෝවිඞ් ආශ්‍රීත මරණ සේ සැළකෙන බවත් හෙතෙම සඳහන් කළේය.

අද දින ශ්‍රී ලංකාවේ වාර්තා වූ 22 වන කෝවිඞ් සම්බන්ධ මරණය සම්බන්ධයෙන් සුදත් සමරවීර මහතාගෙන් කළ විමසීමක දී ඔහු මේ බව හෙළි කළේය.

සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයෙකු සිකුරාදා (30)දින පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද පීසිආර් පරීක්ෂණ මගින් ඔහුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව, මෙරට සිදුවූ 22 වන කොවිඞ් ආසාදිත මරණය ලෙස එය වාර්තා කරනු ලැබිණි.

Related posts

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

colombotoday

තබ්ලික් ජමාත් නිසා පකිස්තානයත් අබ්ලික්. අතිවිශාල රැස්වීමක් පවත්වලා. ඉස්ලාම් දේශකයන් 40 කටත් කොරෝනා

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday