සෞදි ආරාබියේදී ගල් ගසා මැරීමට නියමව ඇති ශ්‍රී ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් සකස් කර ඇත. පහත දැක්වෙන සබැදියෙන් එයට පිවිසිය හැකිය.
ඔබගේ අත්සන තබන්න මෙතනින් පිවිසෙන්න >>>Click Here>>>
ශ්‍රී ලාංකික කාන්තාවට අදාල මරණ දඩුවම අද ක්‍රියාත්මක වී ඇති බව ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් බීබීසී ලෝක සේවයට ප්‍රකාශ කර තිබුනේ අදාල කාන්තාවට අද දිනයේ එම දඩුවම ක්‍රියාත්මක නොවන බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට විදේශ රැකියා අමාත්‍යවරිය සම්බන්ධ කරගැනීමට අප උත්සහා ගත් අතර, අද 04 පෙරවරුවේ දෙරණ මාධ්‍ය ආයතනය වාර්තා කර තිබුණේ අදාල කාන්තාවට අද දිනයේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවන බව විදේශ රැකියා අමාත්‍යතුමිය ප්‍රකාශ කළ බවයි.