Colombo Today Local News

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස අද (02)දින සිට නැවත දැනුම්දෙනතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනයන්හි පෙරවරු 8 සිට පස්වරු 4.30 දක්වා පහත දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් අදාළ අංශ හා සම්බන්ධ වී උපදෙස් ලබා ගන්නා ලෙස දන්වා ඇත.

ගමන් බලපත් අංශය – 0707101060, 0707101070

පුරවැසි අංශය – 0707101030

විදේශ දුත මණ්ඩල අංශය – 0115329233, 0115329235

වීසා අංශය – 0707101050
dcvisa@immigration.gov.lk
acvisa1@immigration.gov.lk
acvisa2@immigration.gov.lk
adcvisa@immigration.gov.lk

තොටුපළ අංශය – 0777782505

පොදු උපදෙස් හා තොරතුරු www.immigration.gov.lk

මහනුවර, වව්නියාව, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය අවස්ථාවලදී ගමන් බලපත්‍ර ලබාදීම සඳහා විවෘතව තැබේ.

ඒ අනුව, රට තුළ පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව 0707101060, 0707101070 යන දුරකථන අංක මගින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන ඉහත ප්‍රාදේශිය කාර්යාල වෙත යොමුවන ලෙසට දන්වා ඇත.

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල මහජනතාව මෙම අවස්ථාවේදී ඉහත ප්‍රාදේශිය කාර්යාලයන් වෙත පැමිණිමෙන් වළකින ලෙසද දන්වා තිබේ.

එමෙන්ම සේවාවන් ලබාදීම පවතින වසංගත තත්ත්වය හමුවේ රජය විසින් වරින්වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ, ඇඳිරිනීතිය පැනවීම, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ තීරණයන්ට යටත් වන බවද, ඒ අනුව සේවා ලබාදීම පිළිබඳ තීරණ වරින්වර සංශෝධනය කිරීම්වලට යටත්වන බවද නිවේදනයේ සඳහන් වේ.

Related posts

Video: උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජන

colombotoday

පාර්ලිමේන්තු PCR වලින් 09 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වෙයි.

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

Admin

ඉන්දියාව සමග ගිවිසුම් 06 කට අත්සන් තබයි

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday