Covid 19

කොරෝනා හේතුවෙන් කුරුණෑගල පොලීසියේ ඒකකයක් වසා දමයි

බොරැල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය මත එම ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. මීට අමතරව ආසාදිත පොලිස් සැරයන්වරයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ද ඔවුන්ගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද එම නිලධාරියා පැවසීය.

මෙම ආසාදිත පොලිස් සැරයන්වරයා වාරියපොල හංහමුණ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර පසුගිය 18 වන දින නිවසට පැමිණ ආපසු සේවා ස්ථානයට යාමෙන් පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday

රජයේ රෝහල්වල විකිරණවේදීන් 18කට කොවිඩ්.. කොළඹ රෝහලේ 13ක් | හදිස් අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සී.ටී. ස්කෑන් අංශ වැසෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday