Colombo Today Local News

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන සියලු දුම්රිය අද (26)දින සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබේ.

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 06ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියන් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇත.

කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කළේය.

මීට අමතරව අලුත්ගම – ගාල්ල, ගාල්ල – බෙලිඅත්ත, පොල්ගහවෙල – මහව සහ නාවලපිටිය කොට්ඨාශයේත්, අනුරාධපුර කොට්ඨාශයේත් සියලුම කෙටිදුර දුම්රියන් නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ගැබිණියන්ට නිවසේ සිට සේවයට අවසර ලබාදෙමින් අලුත් චක්‍රලේඛයක්

colombotoday

කරුණු දහසක් තිබියදී බැසිල් ඇල්ලුවේ වලිගෙන් – එස් බී දිසානායක

colombotoday

තවත් සේවිකාවන් 5කට කොරෝනා

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin