Colombo Today Local Newsfeatured

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවේදී සුමන්තිරන්ගේ ඉල්ලීමට ඉඩ

අධිකරණ නියෝග නොතකමින් ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව දෙමල ජාතික සන්ධානය ගොනුකර තිබෙන පැමිණිල්ලක් සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (20) නියම කළේය.

මෙම පැමිණිල්ල මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ.සූමන්තිරන් මහතා කළ ඉල්ලිමක් පිළිගත් විනිසුරු මඩුල්ල පැමිණිල්ල සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සමග නීතිඥ ගලගම අශාන් නානායක්කාර සහ නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර පෙනී සිටින ලදි.

Related posts

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

colombotoday

මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316ක්

Admin

මිහින්තල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

IMF දෙන ණයට හිලව් වෙන, ජනතාවගේ බඩට වදින කොන්දේසි 5 මෙන්න !

colombotoday