Colombo Today Local Newsfeatured

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට

අද (19) අලුයම 3.30 ට පමණ දෙහිවල එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී රාජ්‍ය බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට සැඟවී සිටීමට ආධාර උපකාර කළ කවරෙකුට වුවද ඒ සම්බන්ධයෙන් වන 209 වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 06ක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනිම සඳහා යෙදවූ බව පොලීසිය සඳහන් කළේය.

Related posts

මරදාන පාලම අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

Admin

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක්

colombotoday

විජේදාස රාජපක්ෂ අද ඇමති ධුරයට සමුදෙයි !!

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin

ඇවන්ගාඩ් සිද්ධියෙන් මැතිවරණ කාලයේ වාසිගන්න හැදුවා, ඒ ගැන කටපියාගෙන සිටීම ගැන කණගාටුයි

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday