ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරාශිල්පී මාධ්‍යවේදියාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි.
කෙසේ වෙතත් ඔහුට සිදුකළ දෙවැනි පීසීආර් පරීක්ෂණයේදී හෙළි වී තිබෙන්නේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා විසින් මේ බව තහවුරු කළ බවයි.