Colombo Today Local News

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

පිස්තොලයක් සහ එම උණ්ඩ මුදලට විකිණීමට උත්සාහ කළ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ සැකකරු විසින් පිස්තෝලයක්, පතරොම් 6 ක් සහිත මැගසිනයක් රුපියල් 250,000 ක මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇති බව අනාවරණය වී ඇත.

එම ගිනි අවිය බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළ ගිනි අවියක් බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකරු 37 හැවිරිදි හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (10)දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday

මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316ක්

Admin

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ තොරතුරු හොයාගත්තා.. දැන් හොදටම බයවෙලා – රාජිත

colombotoday

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday