Colombo Today Local News

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නැති නිසයි බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කලේ : චමල් පාර්ලිමේන්තුවේ දී පහදයි

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කළ බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (06)දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ නතර කර නොමැති බවත්, ඉදිරියේ දී තවත් අය අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත්ය.

රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි රියාජ් බදියුදීන් මාස පහකට පසුව නිදහස් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

” හොඳ වෙලාවට ප්‍රශ්නේ ආවේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් සමග නෑ. සාමාන්‍යයෙන් පොලීසියේ කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව, තමයි ඒ කටයුතු සිදුවෙලා තියෙන්නේ. ඔය කියන පුද්ගලයා 2019.04.21 වන දින කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වසරේ පවත්වනු ලබන ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 2020.04.14 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කරලා තියෙනවා. තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින 3ක කාලය අවසන් වීමෙන් පසුව මාස 3 බැගින් දෙවතාවක් මාස 6ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදුකරනු ලැබු විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීමට සහය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා නෑ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර 2020.09.28 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනම ම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ පිළිබඳ විමර්ශන කරන්න. ඒ අය සියලුම දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා ඒ සියලුම දුරකථන ඇමතුම් අමාත්‍යාංශයේ දුරකථන මඟින් අරගෙන තියෙන්නේ. අවසාන දුරකථන ඇමතුම් ලබා ගෙන තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. ඒ නිසා තමයි ඍජුව මේ ගැන සාක්ෂි නැති නිසයි නිදහස් කරන්න තීරණය කරලා තියෙන්නේ.නිදහස් කරයි කියලා ඒක නිර්දෝෂීභාවය නෙමෙයි. පොලීසිය තවදුරටත් මේ ගැන සොයා ගෙන යනවා. විමර්ශනයන් නතර කරලා නෑ. සමහර වෙලාවට තව තව ඉදිරියේ දී සමහර අය අත්අඩංගුවට ගන්න පුළුවන්. “

Related posts

මලික්, මංගල ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සමනල් කල්ලිය නිසා මිනිසුන්ට යහපාලනය තිත්ත වුනා – සුදත්ත හිමි

colombotoday

“මේක අපේ පක්ෂයේ ගැටළුවක්.. පැත්තකට වෙලා ඉන්න” – හරීන් මහා සංඝරත්නයට කියයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

colombotoday

සුපිරි වෙළඳ සැල් සඳහා මත්පැන් බලපත්‍ර විශාල ප්‍රමාණයක්. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විස්තර ඉල්ලයි.

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday