Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක මහින්ද යාපා

දිවයිනේ මේ වන විට නැවත උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් ක‍ළේ අද (06)දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන් විසින් දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, එමෙන්ම, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම, අදාළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම්කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුමදෙනා විසින් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීමද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය කළේය.

Related posts

මහබැංකු අධිපති බැදුම්කර කොමිසමට සාක්ෂි දෙයි.. හෙටත් කැදවයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ! – නීතිපති අනතුරු අඟවයි

colombotoday

පාර්ලිමේන්තුවේ හූරන්ගේ වැඩ නිසා වන්නියලැත්තෝ ඉන්දියාවේදී ලැජ්ජාවට පත්වුණ හැටි හෙලිකරයි..

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

colombotoday