Colombo Today Local News

හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන, කොටි හිතවාදී ජයපාලන්ට මංගලගෙන් ආරාධනා

පසු ගිය දිනක ලංකාවේ පැවති උත්සවයකට පැමිණීම සදහා දෙමළ කවියකු ලෙස සැළකෙන LTTE හිතවාදී වී.අයි.එස් ජයපාලන් ඉදිරිපත් කරන ලද වීසා අයදුම්පත ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

වී.අයි.එස් ජයපාලන්ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරියට නියෝග කර තිබේ.

වී.අයි.එස් ජයපාලන් LTTE හිතවාදී කවියාට ලංකාවට පැමිණෙන ලෙස තමා විවෘත ලෙස ආරාධනා කර සිටින බවද විදේශ අමාත්‍යවරයා “ශ්‍රී ලංකා මිරර්” සිදු කළ විමසීමකදී සදහන් කර ඇත.

ColomboToday.com සිදුකල සොයාබැලීමකදී අනාවරණය වුයේ වී.අයි.එස් ජයපාලන් නැමැත්ත කොටි ඩයස් පෝරාවේ ප්‍රබල සාමාජිකයකු බවයි. රජයේ හමුදාවෙත ව්‍යාජ යුධ අපරාධ චෝදනා එල්ල කර රණවිරුවන්ව පෝරකයට යැවීම සදහා ජාත්‍යන්තර වශයෙන් විශාල පරිශ්‍රමයක් දරන්නෙකි.

ශ්‍රී ලංකාවේ ඉපිද ඇති ඔහු 1980 දී නොර්වේජියාවේ දේශපාලන රැකවරණ ලබා එරට පුරවැසිභාවය ලබාගන ඇත. අවසන්වරට 2013 වසරේ නොවැම්බර් මසදී ලංකාවට පැමිණ ඇති ඔහු වවුනියාවේ මාන්කුලම් ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව පිටුවහල් කර ඇත.

Related posts

මෙරටින් රැගෙන ගිය කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

Admin

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇප මත මුදා හරී

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

හෙල්මට් නැතිව ගිය මුස්ලිම් අයෙක් ඇල්ලුවාට මූතූර් හී උද්ඝෝෂණ. පාරවල් වසා ටයරුත් ගිනි තබයි

colombotoday