Colombo Today Local News

රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : රිෂාඩ්ගේ මල්ලි නිදහස්වීම ගැන ජනපති තැබූ ෆේස්බුක් සටහන

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් සිය රජය ඇති කරගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ අවධාරණය කර සිටියි.

මෙතෙක් කල් ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන බව ඉන් සහතික වෙයි.

බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවරැදි කිරීමට ද තමා කටයුතු කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්..

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.
මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.
2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.
පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී.
එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.
අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.
මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

Related posts

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin

තෙල් මිල සූත්තරෙන් පාසල් සේවා බස් ගාස්තුවත් නගී….

colombotoday

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

Admin

ආණ්ඩුව අභ්‍යන්තරයේ අගමැති රනිල් සහ මුදල් ඇමති රවී අතර ගැටුම්

colombotoday