Colombo Today Local News

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මුදල් සහ අදාල වන්දි ලබාදීමේ පදනම මත එහි අයිතිකරුවන්ට නෞකාව ඉවත් කර ගැනීමට ඊයේ (02)දින අවසර ලබාදුනි.

ඒ අනුව නෞකාව ඉන්දියාව දෙසට රැගෙන යමින් පවතින බවට ප්‍රකාශ කළ ද එය මේ වන විට මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාල නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර යාමට තවත් දින 3 ක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඔහු පැවසීය.

මැද පෙරදිග කලාපයේ නැංගුරම් දැමීමෙන් පසු මෙහි ඇති ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදුවූ පරිසර දූෂණයට අදාල වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණි.

රුපියල් මිලියන 442 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

Related posts

කෝටි 700ක් වතුරේ… පිටරටින් ලෙඩ හරක් ගෙන්වා බිලියන ගණනක් ගරපු හැටි විගණකාධිපති වාර්තාවෙන් හෙළිවෙයි…

colombotoday

එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…

colombotoday

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

Admin

දෙකෝටියක අල්ලස් ගනිද්දී අතටම හසුවූ ජනාධිපති කාර්මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

colombotoday

ලංකාව දෙකඩ කරන්න යෝජනා කරන කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් වීදි බසිති…

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් ට කොවිඩ්

colombotoday