Colombo Today Local News

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම කොන්ඩච්චි ප්‍රදේශයේ දී රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් සමග පුද්ගලයෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

54 වන සේනාංකයේ සහ කමාන්ඩෝ භට පිරිස් සිදුකළ මෙහෙයුමක දී සැක කටයුතු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම කහ ‍තොගය සොයා ගත් බව යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේය.

එහිදී රුපියල් මිලියන 3කට අධික වටිනාකමින් යුතු කහ කිලෝ ග්‍රෑම් 946 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දුන් බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Related posts

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

ජනපති හදිසියේම කාලෝ හමුවෙයි !

colombotoday

අවුරුදු 60 සම්පූර්ණ වූ සේවකයින් 300ක් සේවයේ රදවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර

Admin

අත්තනගල්ල ප්‍රා සභාවේ ගුටි කෙලියක්.. කන රත්වෙන්න වැදුණු මන්ත්‍රීවරියක් සුව සැරියෙන් යයි

colombotoday