Colombo Today Local News

2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා – විදුර

රට අද වන විට මෙතරම් පස්සට යන එක් හේතුවක් වී ඇත්තේ දේශපාලනඥයින් පුද්ගලික න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීම බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

දේශපාලඥයන් ලෙස පුද්ගලික න්‍යාය පත‍්‍ර තිබිය නොහැකි බවත් එසේ තිබුණහොත් එතන කඩා වැටීමක් ඇති වෙන බව ද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව හරියට ක්‍රියාත්මක නොවුනොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව දරුණු තීරණයක් දිය හැකි යැයිද පැවසූ ඔහු 2020 දී ලබා ගත් ජයග්‍රහණය 2025 මැතිවරණයේදී කණපිට හැරී මේ අවස්ථාවක් ඇති බවද සඳහන් කළේය.

2010 දී ලබාගත් ජයග‍්‍රහණය 2015 කණපිට හැරුණු බවත් 2015 දී ලබා ගත් ජයග්‍රහණය 2020දී කණපිට හැරුන බවත් ඔහු පෙන්වා දුන්නේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Related posts

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

colombotoday

අගමැති වෙන්නේ මමයි – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Admin

ජපානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 235 ක් රැගෙන එති

colombotoday

හඩ්සන් සමරසිංහ යහපාලනයට – ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලැබේ ?

colombotoday