Colombo Today Local News

15වැනිදා මහ වැඩ වර්ජණයකට බස් ගැමුණු සැරසෙයි!

දෙසැම්බර් 15වැනිදා දීප ව්‍යාප්ත් බස් රථ වැඩ වර්ජණයක් දියත් කිරීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි. පෞද්ගලික බස් රථවලට බලපාන සේවා ගාස්තු හා බදු ඉහළ දැමීම මෙන්ම නව බදු ක්‍රමවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංමය පවසන්නේ.

මීට අමතරව නව බදු ක්‍රම අවලංගු නොකළහොත් ජනවාරි 01 වැනිදා සිට බස් ගාස්තුව 6%කින් ඉහළ දමන බව බස් සංගම් කිහිපයක් අග්‍රාමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇත.

අයවැය මගින් දුම් විමෝචන ගාස්තුවක් හඳුන්වාදීම ඇතුළු නව බදු ක්‍රම හඳුන්වාදීමට අමතරව බස් රථයක් ආනයනය කිරීමේදී රුපියල් ලක්ෂ 25 ක බද්දක් අයකරගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව රුපියල් ලක්ෂ 45 ක් ලබාදී මිලදී ගත් බස් රථයක් සඳහා ලක්ෂ 70 ක මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

Admin

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

colombotoday

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday

රනිල් ගැන පතුරුවන කතා බොරු

Admin

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday