Colombo Today Local News

රොහාගේ මරණය සැමරූ 3ක් අත්අඩංගුවේ – කුඩු අංජුගේ සහෝදරියත් ඒ අතර

“රත්මලානේ රොහා” නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත් වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ” සහෝදරයා වන “ලංසියාගේ” මෘතදේහය වලදැමූ දෙහිවල ගල්කිස්ස නගරසභා පොදු සුසාන භූමියේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ බව පොලීසිය පැවසුවේය.

ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ලංසියාගේ මෘත ශරීරය වලදමා ඇති සොහොන් කොතට ඉහළින් මල් ඉසීමට ඔවුන් සූදානමින් සිට ඇති බව සඳහන් වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලංසියා නමැත්තාගේ බාල සහෝදරිය, කුඩු අංජු සමග වට්ස්ඇප් සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු සහ මල් ඉසිමට සූදානම් වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් අද (26)දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර “රත්මලානේ රොහා” නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් උත්සව පවත්වන සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

Related posts

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වැසෙයි

Admin

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday

විදුලිබල ගැන තීන්දුවක්

Admin

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin