Colombo Today Local News

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

සිය දරුවන් තිදෙනා වෙනුවෙන් නඩත්තු මුදලක් ලබා ගැනීම සඳහා සිවිල් නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලියුමක් දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ කාති උසාවියක කාතිවරුන් විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව පවසමින් මුස්ලිම් කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය සිය පැමිණිල්ල මගින් පවසා ඇත්තේ තමන් තිදරු මවක් බවත් ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති බවත්ය.

ස්වාමිපුරුෂයා තමා අතහැර යෑමෙන් පසුව තමා කාති උසාවිය හමුවේ නඩුවක් පැවරූ බවත් ඒ අනුව, කාති උසාවියේ නියෝගයකට අනුව දරුවන් තිදෙනා වෙනුවෙන් තමන්ට රුපියල් දෙදහසක මුදලක් මාසිකව ගෙවන ලෙසට නියෝග කළ නමුත් 2009 වසරේ සිට එය නොලැබුණ බවද ඇය සිය පැමිණිල්ල මගින් පෙන්වාදී තිබේ.

එසේ පැහැර හරින නඩත්තු මුදල ලබා ගැනීම සඳහා තමන් සිවිල් නඩුවක් ගොනු කිරීමට කටයුතු කළ බවත් එකී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කාති උසාවියෙන් අවශ්‍ය ලියුමක් ඉල්ලා සිටි අවස්ථාවේ කාති උසාවියේ කාතිවරුන් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවද ඇය සිය පැමිණිල්ල මගින් පෙන්වාදී තිබේ.

Related posts

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිර වී පාසල් සිසුවෙක් මරුට

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු දෙදෙනෙකු අල්ලස් චෝදනාවලින් නිදහස්..

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුද? නැද්ද? එන්ජීඕවක් උතුරේ අමුතු මත විමසුමක

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday