Colombo Today Local News

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 818ක ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද (16)දින නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මන්නාරමට උතුරු මුහුදේ දී සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි 12ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 510ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

එමෙන්ම මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ මෙහෙයුමකදී වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි 05ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 308ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

Related posts

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin

පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම: ISIS in sri lanka කණ්ඩායමට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩු

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

19 වෙනි සංශෝදනයෙන් රටේ නායකයෝ තුන් දෙනෙක් හැදුවා – ජනපතිගෙන් චෝදනා

colombotoday

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

colombotoday

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday