Colombo Today Local News

2030 දී සමස්ථ විදුලි ඉල්ලුමෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන්

2030 වසර වන විට මෙරට සමස්ථ විදුලි අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස්කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගල්අඟුරු සහ ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවෙමින් සිටින අතර මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩි වීම සියයට 6ක් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ද ගණන් බලා තිබේ.

මෙම තත්ත්වයන් හමුවේ අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට ඇති තිරසර සංවර්ධනයකට මඟපාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (14)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමේ දී බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

යම් ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලුම් කළ අවස්ථාවන්වල දී දින 14ක් තුළ ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

අපි ඉල්ලන් කෑවා…

colombotoday

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

colombotoday

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

colombotoday

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin