Colombo Today Local News

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් 13 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සාමාජිකත්වය දරන බව එම සංගමය පැවසීය.

අදාළ කමිටුව විසින් විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් සැළකිල්ලට ගැනීමට නියමිතය.

යුක්තිය පසිඳලීමට බලපාන නීති ප්‍රමාදයන් සහ වෙනත් ආශ්‍රිත කරුණු විසඳීම සඳහා තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සලකා බැලිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව කමිටුව මගින් අවධානය යොමු කරනු ඇත.

Related posts

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

Admin

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin