Colombo Today Local News

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වීමට සූදානම්ව තිබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්‍ යානයක් මගින් මෙරටට පැමිණීමට සූදානම්ව සිටි මගියෙක් වැරදි අසුනක හිද ගැනීම නිසා ඇති වූ තත්ත්වයක් මත එම මගියාව සෞදි අරාබි ගුවන් තොටුපොළේදී ගුවන් යානයෙන් බැස්සවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම ගුවන් මගියා තමන්ට වෙන් කර ඇති ආසනයේ හිද නොගැනීම නිසා ගුවන් යානා කාර්ය මණ්ඩලය සමග දිගින් දිගටම බහින්බස් වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ අතර එය එම අවස්ථාවේදී තවත් ගුවන් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොරෝනා වෛරසය ඇති බවට සැක කෙරෙන රෝගීන් 06 දෙනෙකු රැගෙන ඒම සඳහා වෙන් කොට තිබු අසුන් පේළියක මෙම පුද්ගලයා අසුන් ගැනීම නිසා මෙලෙස ඔහු ගුවන් යානයෙන් බැස්සවීමට සිදුවූ බවයි. ඔහුට් නියමිත අසුනේ අසුන් ගන්න ලෙස අවස්ථා රැසකදී ඉල්ලීම් සිදුකලත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවාඩ් එම නිලධාරියා සඳහන් කර සිටියා.

මෙම පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙන අයෙකු බවට පසුව හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල කරා යොමු කිරීමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

සැඟවා ඇති සීනි තොග සොයා පාලන මිලට විකිණීමට තීරණයක්

Admin

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

අවුරුදු 10ක දියණියකට බරපතළ ලිංගික අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

Admin