පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් ශ්‍රි ලංකා පොලිසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (06)දින රාමේෂ්වරම් අධිකරණයට ඉදිරිපත්කෙරුණි.
එහිදී සැකකරුව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
පසුගිය දා ඉන්දියාවේ ධනුෂ්කොඩි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
එම පොලිස් නිලධාරියා ඉකුත් සතියේදී සපුගස්කන්ද ප්‍රදේශයේදී සොයාගත් හෙරෝයින් කිලෝ 23 ට අදාළ පරීක්ෂණවල ප්‍රධාන සැකකරු වේ.