Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමෙදී හමුදා බාරයට

ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින්, මුහුදේ පා කර එවා තිබූ කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයේ තිබී යුද හමුදා බාරයට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකින් එම කහ තොගය සොයාගෙන ඇත.

මේ අතර මන්නාරම, කල්ලිඅඩිය ප්‍රදේශයේ දී පණ ඇති තලගොයෙකු රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03)දින සවස එම පුද්ගලයා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මස් සඳහා රැගෙන ගිය එම තලගොයා කිලෝග්‍රෑම් 10ක පමණ බරකින් යුක්ත වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ තලගොයා ඉලුප්පකඩවායි පොලීසියට බාරදුන් බව යුද හමුදාව පැවසීය.

Related posts

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

අලුත් කැබිනට්ටුව 18 දිවුරුම් දෙනවා ඊටපස්සේ රට හදනවා

Admin

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday