Colombo Today Local News

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් ගල්කිස්සේදී අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිවර මෙරට රැඳී සිටි විදේශිය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු සහ ඔවුන්ට මෙරට රැඳී සිටිමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

වරායට ආ ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

colombotoday

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin

1990 ගැටී කතක් මරු දකී

colombotoday