Colombo Today Local News

කතරගම චාරිකාවක ගිය නවගමුවේ නඩයට වැල්ලවායේ ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වා දුන් සංග්‍රහය (PHOTOS)

වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දී ඊයේ (28)දින පස්වරුවේ දී දෙපිරිසක් අතරඇති වූ ගැටුමකින් පුද්ගලයන් හයදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි.

නවගමුව ප්‍රදේශයේ සිට කතරගම දක්වා විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දී මත්පැන් සාදයක් පවත්වා එම ප්‍රදේශයේ පදිංචි ගම්වැසියන් දෙදෙනෙකුට පහරදී ඔවුන්ගේ යතුරු පැදියට හානි සිදුකර තිබේ.

මෙම සිද්ධිය ආරංචි වූ හදපානාගල ප්‍රදේශයේ ගම්වාසීන් විසින් එම සිද්ධිය වූ ස්ථානයට පැමිණ පහර දීමට සම්බන්ධ විනෝද චාරිකාවේ පැමිණි පිරිස දණ ගස්සවා පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්වැසියන් දෙදෙනාට පහර දුන් අයට පමනක් මෙහිදී ගම්වැසියන් විසින් පහර දී තිබෙන අතර විනෝද චාරිකාවේ පැමිණි සිද්ධියට සම්බන්ධ නොවූ කිසිවෙකුට හෝ ගම්වැසියන් පහරදී නොමැත. එසේම ඔවුන් පැමිණි බස් රථයටද කිසිදු හානියක් සිදු කර නොමැත.

පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස අතර විනෝද චාරිකාවේ පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු සහ ගම්මානයේ දෙදෙනකු වන බව වැල්ලවාය පොලිසිය සඳහන් කර සිටියි.

තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට මොණරාගල මහ රෝහලේ සහ හදපානාගල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටීන අතර වැල්ලවාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබේ.

Related posts

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

Admin

කඨින පෙරහැරට මද්රසාවෙන් ගල්මුල්.. ලෙබ්බේ සමාව ගනී.. මහ සගරුවණේ කරුණාවෙන් මහ ගැටුමක් නවතී

colombotoday

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

colombotoday

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

colombotoday

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

colombotoday