Colombo Today Local News

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන “පොඩි ලැසී” නමැත්තාගේ සමීපතමයෙකු බලපිටිය, වඳදූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ටී-56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 98ක්, වෙනත් ගිනි අවි 02ක්, 9mm උණ්ඩ 53ක්, දුම්බෝම්බ 02ක්, අත්බෝම්බයක් සහ අත්විලංගුවක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Related posts

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

Admin

තවත් ශ්‍රී ලංකන් යානා දෙකක් පාකිස්ථානයට විකුණා දමයි !

colombotoday

සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

ලීස් ගිවිසුම අවලංගු කිරීමෙන් පාඩුව කෝටි 1430ක් – ශ්‍රී ලංකන් ජනපති කොමිසමේදී හෙලිවෙයි

colombotoday