Colombo Today Local News

රගරා සමග හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමකයෙක් කොටු

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නියමකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වේයන්ගොඩ, බෙම්මුල්ල, කොරොස්ස සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.

මෙහිදී වේයන්ගොඩ, කොරොස්ස ප්‍රදේශයේ දී මින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දිනේෂ් නමැත්තෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට බන්ධනාගාර ගතව සිටින චමින්ද නොහොත් “රගරා” නමැත්තාගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අනතුරුව වේයන්ගොඩ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදා සිවිල් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔහු ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ බැංකු පොත් 10ක්, ඒ.ටී.එම් කාඩ්පත් 15 ක් සහ රුපියල් 56,000 ක මුදලක් සොයාගෙන තිබේ.

Related posts

භූමදානයම කලයුතුයි කියා කුරානයේ කොහේවත් නෑ

colombotoday

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

colombotoday

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday

නිදි යහන මත සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට

colombotoday

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin