Colombo Today Local News

කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් කුමාර නොහොත් “කුඩු රොෂාන්” නමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වි‍ශේෂ කාර්යය බලකා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් වැල්ලම්පිටිය වෙලේවත්ත සමූපකාරය අසල දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Related posts

රාජ්‍ය අමාත්‍යයක ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් රැකියා දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday

ජනාධිපති රනිල්ගේ රාජාසන කතාව ප්‍රශස්තයි – මහින්ද

Admin

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

colombotoday

ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

colombotoday