World

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

මාලි රාජ්‍යයේ ජනාධිපති සහ අගමැති එරට හමුදා කඳවුරක රඳවාගෙන ඇති බව වාර්තා වේ.

මාලි රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක, හමුදා සාමාජිකයින් පිරිසක් විසින් ඔවුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා කැරලිකරුවන් විසින් ජනාධිතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ අමාත්‍යවරුන් කිහිපදෙදෙනක් ඇතුළු පිරිසක් ඊයේ (18)දින පස්වරුවේ සිය භාරයට ගෙන තිබුණි.

එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා නිවේදනය කළේය.

හමුදාවේ ඇතැම් පාර්ශ්වයන් මෙම මැදිහත්වීම අත්‍යවශ්‍ය බවට තීරණය කර ඇති බැවින් තමාට වෙනත් තෝරාගැනීමක් නොමැති බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම බලයේ රැඳී සිටීම සඳහා අගනුවර ලේ වැගිරීමක් සිදුකිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පැවති පාර්ලිමේන්තුව ද ඔහු විසින් විසුරුවාහැර ඇතැයි සඳහන් වේ.

ජිහාද් කැරලිකරුවන් සමග පවතින අඛණ්ඩ ගැටුම් හා තමන්ට ලැබෙන වැටුප් සම්බන්ධයෙන් මාලි රාජ්‍යයේ ඇතැම් හමුදා කණ්ඩායම් දැඩි කෝපයකින් පසුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට රටේ පාලනය භාරව සිටින්නේ හමුදාව ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

Related posts

මුස්ලිම් බහුතර ජාතියේ සමාජ සම්මතයන් උල්ලංඝනය කිරීම. | ඊජිප්තුව ටික්ටොක් තාරකාවට වසර 10 ක සිරදඬුවමක්

colombotoday

දරා ගත නොහැකි කැනඩාවේ උෂ්ණත්වයෙන් මිය ගිය පිරිස 719ක් දක්වා ඉහළට

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන පන්තිවලදී කාන්තා පිරිමි මිශ්‍රවීම තහනම්. | උසස් අධ්‍යාපනය ෂරියා නීතියට අනුව පමණයි.

colombotoday