extremism & terrorism activitiesWorld

ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන පන්තිවලදී කාන්තා පිරිමි මිශ්‍රවීම තහනම්. | උසස් අධ්‍යාපනය ෂරියා නීතියට අනුව පමණයි.

තලේබාන් වැඩබලන උසස් අධ්‍යාපන ඇමතිවරයා ඊයේ (29) ඇෆ්ගනිස්ථානයේ සම අධ්‍යාපන පන්ති තහනම් කරමින් කියා සිටියේ “කාන්තාවන්ට විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට අවසර දෙන නමුත් ඔවුන් පිරිමින් සමඟ එකම පන්ති කාමරයක හිඳ නොසිටින” බවයි.

අබ්දුල් බකි හකානි පැවසුවේ තලේබාන් කණ්ඩායම කාන්තා අයිතිවාසිකම් වලට ගරු කරන නමුත් ඒ ඉස්ලාමීය නීතිය පිළිබඳ දැඩි අර්ථ නිරූපණයට අනුව පමණක් බවයි.

“ඇෆ්ගනිස්ථානයේ ජනතාව තම උසස් අධ්‍යාපනය ෂරියා නීතියට අනුකූලව ස්ත්‍රී පුරුෂ මිශ්‍ර වීමක් නොමැතිව ආරක්‍ෂිතව කරගෙන යනු ඇත,” ලොයා ජිර්ගා සමඟ පැවති රැස්වීමකදී අබ්දුල් බකී හකානි පවසා ඇත.

ප්‍රාථමික හා ද්විතීයික පාසල් සඳහා ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් වෙන් කර තැබීම තලේබාන් ත්‍රස්තවාදීන්ගේ නව රජය විසින් සහතික කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපේ ඉස්ලාමීය, ජාතික හා ඓතිහාසික වටිනාකම් වලට අනුකූල සාධාරණ හා ඉස්ලාමීය විෂය මාලාවක් සකස් කිරීමට සහ අනෙක් අතට අනෙක් රටවල් සමඟ තරඟ කිරීමට හැකි වීමට තලේබාන්වරුන්ට අවශ්‍යයි” යනුවෙන් හකානි පැවසීය.

බටහිර අනුග්‍රහය ලත් ඇෆ්ගනිස්ථාන රජය පෙරලා අගෝස්තු මස මැද භාගයේදී බලයට පැමිණි තලේබාන් ත්‍රස්ත කණ්ඩායම පත් වූ දා සිට, රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායම් 1990 ගණන් වල ගැහැනු ළමයින්ට හා කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කලාක් මෙන් වෙනස්ව පාලනය කළ යුතු බවට අවධාරණය කළහ.

කෙසේ වෙතත්, ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධයට අනුව විනෝදය පාපයක් ලෙස සැලකෙයි. ඔවුන්ගේ පසුගිය පීඩාකාරී පාලන සමයේ දී තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් ජනප්‍රිය ගායක ෆවාඩ් අන්දරාබි සහ විකට නළු නසාර් මොහොමඩ් ඝාතනය කර තිබේ.

Related posts

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

අන්තවාදී ඉගැන්වීම් තිබූ ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණයට. – ඇමති සුසිල්ගෙන් Colombo Today වෙත ප්‍රහාරයක්.

colombotoday

ඉස්ලාමය ගැන අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. – අත්අඩංගුවට පත් ඉස්ලාම් හැරගිය අනීෂ්ට අධිකරණයෙන් ඇප.

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

Admin