Colombo Today Local News

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ආරක්ෂක අමාත්‍ය ධූරය සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා අද (17)දින නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද නීතිඥ අරුණ ලක්සිරි විසින් ගොනු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙසට ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 30 සහ 105.(4) ව්‍යවස්ථාවන් අනූව ශ්‍රී ලංකාව බුද්ධාගම සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරීමට ජනාධිපතිවරයාට නොහැකි බව පෙත්සම්කරු පවසා සිටිනවා.

මේ වන විට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතේ තබා ගෙන ඇති මුත් බුද්ධශාසන අමාත්‍යාංශය ලබා නොගැනීම මත ඒ තුලින් ආණ්ඩුව ව්‍යවස්ථාවේ සදහන් 9,10 සහ 12.1 ව්‍යවස්ථාවන් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Related posts

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

විගණකාධිපතිට එරෙහිව එජාපයෙන් යෝජනාවක් !

colombotoday

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday