Colombo Today Local News

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට හිමි වී ඇති ඇමතිධුරයේ රාජකාරි සහ වගකීම් ඉටුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය බව පවසමින් ඔහු මෙම ධුරය ප්‍රතික්ෂේප කර ඇත.

තමන්ට පවරා ඇති අතිරේක වගකීම් වලින් තමන් නිදහස් කරන්නැයි ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

කැබිනට් ප්‍රකාශක ධුරය සඳහා බන්දුල ගුණවර්ධන මහතා යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වන අතර ඒ සඳහා සුදුසු වෙනත් පුද්ගලයෙක් යෝජනා කරන්නැයි ගුණවර්ධන මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

Related posts

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීමට රජය එකග වෙයි.. මිලියන 1000ක අලාභයක් !

colombotoday

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ඉල්ලන දේ නොලැබුණොත් කරන දේ සම්බන්ධන් කියයි !

colombotoday

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

ආණ්ඩුවට විරුද්ධ මත දරන අයව මේ විදිහට මර්දනය කරන්න ඉඩ දෙන්න බෑ

Admin

ව්‍යාජ පැමිණිලි පිටපත් දුන් පීසී සහ සිවිල් ආරක්ෂක කතට වැඩවරදී

Admin